විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (5) පාර්ලිමේන්තුවේදී පැවසූ බව වාර්තා වේ.
මේ වන විට එම පනත අධ්‍යයනය සඳහා විදුලි බල මණ්ඩලයට ලබාදී ඇති බවත් එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ද පවසා තිබේ.
විදුලි බල මණ්ඩලයේ සිටින සේවකයින් 24,000ක් පමණ පිරිස ආරක්ෂා කර ගත යුතු බවද ප්‍රකාශ කරයි.