ඊයේ (05) සවස් කාලයේ දී කහවත්ත පොලිස් වසමේ පැල්මඩුල්ල නෝනාගම ප්රධාන මාර්ගයේ කිලෝමීටර් 09 කණුව ආසන්නයේ දී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
කහවත්ත දෙස සිට මාදම්පේ දෙසට ධාවනය වූ යතුරුපැදිය මාර්ගයේ ලිස්සා ගොස් පෙරළී පසුපැදිකරු විසි වී ගොස් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයට යට වීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 16ක් වු යක්ගහඇල්ල, කහවත්ත ප්රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.