ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඩෙල්ෆ් ප්‍රදේශයට ආසන්න මෙරට මුහුදු සීමාවේ දී ඔවුන් මෙලෙස ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ.
ඔවුන් පැමිණි ධීවර යාත්‍රා 06ක් ද එහි දී නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගැණුනු ධීවරයින් සහ යාත්‍රා මයිලඩි ධීවර වරායට රැගෙනවිත් ඇති අතර ධීවර බලධාරීන් විසින් විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.