දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කරන්නේ අදාළ නිවේදනය අද (19) පස්වරු 1.00 සිට හෙට (20) පස්වරු 12.00 වන තෙක් වලංගු බවයි.
එහි දක්වා ඇත්තේ අඩු පීඩන කලාපය ගිනිකොණ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව මේ වන විට පවතින අතර එය නැගෙනහිර දෙසට බරව ඊසාන දෙසට ගමන් කරනු ඇති බවයි.
ඒ අනුව ආදාළ ප්රදේශයයන්ගේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවත් පැ.කි.මී.40 – 50 අතර පමණ තද සුළං පවතින බවත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී.60 – 70 දක්වා ඉහළ යාහැකි බවත් සඳහන් වේ.