මහනුවර ශ්‍රී දළදා මාලිඟාවට අයත් තවත් ඉඩමක් මංකොල්ලයක.
මහනුවර අති උතුම් ශ්‍රී දළදා මාලිගාවට වික්ටෝරියා මහරාජිනිය විසින් ලබා දී ඇති විලියම් ගොපල්ලව මාවතේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබෙන බවට තොරතුරු අප වෙත ලැබී තිබේ. මේ වන විට ශ්‍රී දළදා මාලිගාවට අයත් ඉඩම් සහ දේපල විශාල ප්‍රමාණයක් එහි ගිහිභාරකරුවන් විසින් විකුණා දමා තිබෙන බව නොරහසකි. ඒ පිලිබඳව තොරතුරු විශාල වශයෙන් අපගේ මහනුවර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් වෙත ලැබෙමින් පවතී.
ශ්‍රී දළදා මාලිගාව ප්රමුඛ මල්වතු අස්ගිරි විහාර සහ ශ්‍රී ලංකාවේ අඩු පාඩු සහිත පන්සල් නඩත්තු කරගෙන යාම සදහා ඉඩම් අක්කර 25000 කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී දළදා මාලිඟාව සතුව තිබුනත් එහි භාරකරුවන් විසින් ඒවා විශාල වශයෙන් විකුණා දමා තිබේ. එසේ විකුණා දැමීමෙන් මතු දිනයක මහනුවර ශ්‍රී දළදා මාලිඟාව පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදා වනු ඇත. ඒ තත්වය මේ වන විටත් උදා වෙමින් පවතින බව විවිධ ක්‍රියාකාරකම් වලින් පෙන්නුම් කරයි.
එසේ විකුණාගෙන තිබෙන ඉඩම් විවිධ උපක්‍රම ඔස්සේ විවිධ පුද්ගලයන් අත් පත් කරගෙන තිබේ. එසේම එහි පෞරාණික දේපල පවා අස්ථානගත ගත කර තිබේ.
1856 පෙබරවාරි මස 21 වැනි දින අංක 2363 දරන දීමනා පත්‍රයෙන් අස්ගිරි සහ මල්වතු විහාර වෙනුවෙන් සහ ශ්‍රී දළදා මාලිඟාවේ පරිහරණය වෙනුවෙන් මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටි මෙම ඉඩම ලබා දී තිබේ.
අක්කර 10 ක් පමණ වන මෙම ඉඩමෙන් අක්කර දෙකක ප්‍රමාණයක් මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබෙන බව අප සතුව තිබෙන ලේඛණ වලින් දැකගත හැකිය. නමුත් 1987 11 17 වන දිනැති ගැසට් පත්‍රයට අනුව එම ඉඩමෙන් කැබලි අංක “1” නැමති කොටසක් ගැටඹේ විද්‍යාලය වෙනුවෙන් නිසි ලෙස අත් පත් කරගෙන ඇත. අංක 2498 දරන මූලික පිඹුර මත එකී කොටසෙහි වටිනාකම වෙනුවෙන් රුපියල් 151000.00 ක් පමණ වන මුදලක් ශ්‍රී දළදා මාලිගාවේ ගිණුමෙහි තැන්පත් කර තිබේ.
ඊට අමතරව මෙකි ඉඩමේ අංක 3736 ලෙස සදහන් වන තවත් පිඹුරක් දක්නට තිබෙන අතර එම පිඹුර නීත්‍යානුකූල ලෙස සකස් වුවක් බව අප සතුව තිබෙන ලේඛණ වලින් පෙන්නුම් නොකරයි.
මෙම අදාළ ඉඩමට ඇතුල් වී ඇති පුද්ගලයන් මෙම ඉඩමෙන් ඉවත්කරන ලෙස 2007 12 11 වන දින එවකට මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් වන IKG මුතුබණ්ඩා මහතා විසින් මහනුවර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. ඒ වන විට එහි පරිශ්‍රයක්ද ඉදි කර තිබෙන අතර එයට විදුලිය ලබා නොදෙන ලෙස 2007 12 24 වන දින ද ලිපියක් යොමු කර තිබුනද ඒ වෙත විදුලියද ලබා දී තිබේ.
2008 08 20 දිනැති මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ ලිපියට අනුව නාගරික සංවර්ධන අධිකාරිය මෙම ඉඩමේ අනවසරයෙන් පුද්ගලයෙකු පදිංචි කරවා ඇත. මෙම අනවසරයෙන් ඇතුලත් උණු පුද්ගලයා වෙනුවෙන් අංක 1461 යටතේ 2009 03 12 වැනි දින නීතිවේදියෙකු විසින් ඔප්පුවක්ද සකසා තිබේ.
එසේම 2008 03 19 දිනැති ලිපියෙන් මෙම ඉඩම තමන්ට අයත් බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. නමුත් නාගරික සංවර්ධන අධිකාරිය මෙම ඉඩම තමන්ට හිමි වූ අයුරු සදහන් කර නැත.
ඒ අතර 2019 05 10 වැනි දින මෙම ඉඩමෙන් තවත් කොටසක් TG ලයනල් නමැති පුද්ගලයෙකුට විකිණීම සදහා රුපියල් 1275000.00 ක මුදලක් තැන්පත් කරන ලෙස දන්වා ඇත.
රාජ්‍ය නිලදාරීන් අනෙකුත් පාර්ශ්වයන් සමග එක්ව මේ විනාශ කරන්නේ ඔබෙත් මගෙත් බුදු දහම පවත්වාගෙන යාම සදහා තිබෙන දේපල බව අමතක නොකල යුතුය. බුදු දහම විනාශ කිරීමේ දීර්ගකාලීන සැලසුම් මේ රාජ්‍ය නිලධාරීන් විසින් රිසි සේ ක්‍රියාත්මක කරන අතර මෙම රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් “ බුදු දහම සුරක්ෂා කොට පෝෂණය කල යුත්තේය “ යන කොටසට පටහැනිව කටයුතු කරන බව පැහැදිලිය. එසේම මේ පිටුපස දේවවාදී සහ ඥාණා නමැති මෑණි කෙනෙකු සමග සබඳකම් පවත්වන නිලමේවරයෙකුද සිටින බව සඳහන් වේ. බුදු දහම විකුණමින් දෙවියන් වදිනා මේ මිත්යාදුෂ්ටික නිලමේවරයාගේ ශරීර අභ්‍යන්තරයේ විවිධ අයුරින් ජප කරන ලද මන්තරද තිබෙන බව කිය වේ. කෙසේ වුවත් බුදු දහම සුරක්ෂා කිරීම වෙනුවෙන් ජන්දයෙන් පත්කරගන්නා ලද දියවඩන නිලමේවරුන් මේවාට වග කිව යුතුය. එසේම කොයි මොහොතේ හෝ ශරීරය තුල තිබෙන යන්ත්‍ර පුපුරා යනු ඇති අතර ඥාණා මෑණිගේ දේව ශාපය මේ සියලු අපරාධකරුවන් වෙත එල්ලවනු ඇත.
සංස්කාරක සටහන
මෙසේ මාලිගාව සතු ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ පලවිපාක ලැබෙනුයේ තවත් කාලයක් ගිය පසුවය. නිසි ලෙස අත්පත් කරගෙන නොමැති ඉඩම් මිනිසුන්ට විකිණීමෙන් අවසානයෙදී රජය සමග නඩු කීමට සිදු වන්නේ නීතියක් නිසි ලෙස නොදැන ඉඩම් ලබා ගත් අසරණ මිනුසුන්ටමය. නාගරික සංවර්ධන අධිකාරියට හෝ වෙනත් රජයේ නිලධාරීන්ට ඒවා ගැටළුවක් නොවන අතර මෙසේ වැරදි ලෙස කටයුතු කල පුද්ගලයන් නිසි සේ විශ්‍රාම පවා ලබා ගනිති. නීතිවිරෝදී ලෙස ඔප්පු සකසන ලද නීතිඥවරුන්ටද එය ගැටළුවක් නොවේ. නීතිවේදීන් නඩු පවරනුයේ වැරදි කරන ලද නීතීඥවරුන්ට ගැටළුවක් නොවන ලෙසය. අසාදාරන ගිවිසුම් වැළක්වීමේ ආඥා පනතට අනුව නිසි ක්‍රම වේදයන් වලට අනුව සැකසී නැති සියලුම ගිවිසුම් සහ ඔප්පු නීතිය ඉදිරියේ බල රහිත වේ. එහෙත් වැරදි වැඩ කරන නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමටද අගතියට පත් පාර්ශ්වයන් දැනගත යුතුය. ඔවුන්ට විරුද්ධව පොලිසිය හරහා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය හැකි අතර මේවාට සම්බන්ධ නිලධාරීන් බේරා ගැනීම සදහා පොලීසියද “ගොරකා දඩමස්” කරන බව දැනගෙන බුද්ධිමත්ව කටයුතු කිරීමට ජනතාවද කටයුතු කල යුතුය.
බුදු දහම ටිකෙන් ටික විනාශයට තල්ලු වෙමින් පවතී. මේ ගැන කතා කරන්න හෝ ඒ වෙනුවෙන් හඩක් නගන්න බෞද්ධ ජනතාවද මැලිකමක් දක්වන්නේ ඇයිද යන්න දන්නේ උඩ ඉන්නා දෙවියන්ම පමණි.