පාදුක්ක පොලිසියේ ජීප් රථයට පහරදී අලාභානි සිදු කළ කාන්තාවක් ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හෝමාගම මහේස්ත්රාත් අධිකරණය ඊයේ (06) නියෝග කර තිබෙන බව වාර්තා වේ .
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ 34 හැවිරිදි පාදුක්ක අරුක්වත්ත ප්රදේශයේ පදිංචි කාන්තාවකි.
පාගමනින් පොලිස් ස්ථානයට පැමිණි කාන්තාව ගඩොල් කැටයකින් පොලිස් ජීප් රථයට පහර දී ඇති අතර පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධව පාදුක්ක පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .