English
සිංහල
10:08 සිකුරාදා, මැයි 16, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පළාත් ලේකම් තම දුෂිත දේශපාලන ගෝලයන් රකිද්දී මහජන ගැටළු දිස්ත්‍රික් සම්බන්ධීකරණයට. සමහර මන්ත්‍රීවරුත් දුෂිතයන් වෙනුවෙන් කරුණු කියයි.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දේශීය මෙන්ම විදේශීය වශයෙන් අප වාර්තා කර තිබෙන වාර්තා වෙනුවෙන් යුක්තිය ඉටු වූවත් රත්නපුර දිස්ත්‍රික්කය තුළ සහ සබරගමු පළාත තුළ මහජනතාවට, හෝ පීඩිත පංතිය වෙනුවෙන් රාජ්‍ය සේවයෙන් යුක්තිය ඉටු වී ඇත්තේ ඉතාම අල්ප ලෙසය. ඉන් කියැවෙන්නේ සහ අප ලබාගෙන තිබෙන තොරතුරුවලට අනුව රත්නපුර දිස්ත්‍රික්කය යනු දේශපාලනික වශයෙන් අන්ත දූෂිත දිස්ත්‍රික්කයකි. එසේම රාජ්‍ය ආයතනවල සිටින්නේ අහවල් අහවල් දේශපාලන නායකයින්ගේ ගෝලයන් ය. එම ගෝලයන් කෙසේ සිටියත් රාජ්‍ය සේවයේ පහළ නිලධාරීන් මේ වන විට එම දේශපාලන නායකයන්ට ගරහන තත්ත්වයක් ද දක්නට ලැබේ. නමුත් විධායක පංතියේ විදුහල්පතිවරු  ඇතුළු , තීරක පංතියේ අති බහුතරයක් තවමත් ඔවුන්ට සැප දුන් නායකයන් වෙනුවෙන් පෙනී සිටී. එය පුළුල් ආත්මාර්ථකාමී පටු අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවල කොටසකි. එය තවමත් නැවතී නැති බව පැහැදිලිවම සාක්ෂි සහිතවම ඔප්පු කිරීමට අප ආයතනය තුල ඕනෑවටත් වඩා සාක්ෂි තිබේ.

    මේ සියල්ලම සිදුවන සබරගමුව පළාත් ලේකම්වරයා ප්‍රබල පොහොට්ටු ආධාරකරුවෙකි. අප මීට පෙර ද එය වාර්තා කළේය . ගෝඨාභය රජය පත්කර ගැනීම වෙනුවෙන් සබරගමුවේ පුංචි එවුන්ට සහ දෙමාපියන්ට දැඩි සේ වද දුන් ඔහුට එරෙහිව ගොඩකවෙල පොලිස් ස්ථානය තුළ ද නොවිසුදුණු පැමිණිල්ලක් තිබේ. සැබෑ ලෙසම සබරගමුව අධ්‍යාපනය දූෂණය කළ ඔහු ගෝඨාභය පත් වී මාස කිහිපයක් ඇතුළත කෑගල්ල දිසා ලේකම්වරයා බවට පත් විය . එයට මූලික වූයේ ද රත්නපුරයේ දේශපාලන නායකයෙක් සහ හිටපු ආණ්ඩුකාරවරයෙකි. පැවති යහපාලන රජය මහජනතාවට එපා කරවීම සඳහා ඔහුද හොඳටම කළේය. ඔහු තවමත් එය කරන්නේය. ඒ වෙනුවෙන් ඔහුට දිස්ත්‍රික් ලේකම්කමකුත් ඉන් පසුව පළාත් ලේකම්කමද ලැබුනේය. මහජනතාව පීඩාවට පත්කරමින්, තම තනතුරේ බලය දේශපාලනය වෙනුවෙන් යොදවා තනතුරු ගැනීමට තරම් ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ම පහත් සහ නින්දීත විම රටේම මහජනතාවගේම වරදකි. දේශපාලන නායකයන්ට ගරහන රටේ මහජනතාවට තවමත් තේරුම් නොගිය කරුණ නම් දුෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයයි. මහජනතාව එකතු විය යුත්තේ ඔවුන්ට එරෙහිව බව තවමත් ජනගත වී නැති වීම ඔවුන්ගේ වාසනාවකි.

    සබරගමුවේ අතීත සහ වර්තමාන තත්ත්වය එසේ සිදු වෙමින් තිබියදී ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිට , ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට එරෙහිව පැමිණිලි විශාල ප්‍රමාණයක්  සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරුන් වෙත ලබා දී තිබේ.ඒ මීට සති , මාස , අවුරුදු ගණනාවක සිටය. නමුත් එම කිසිදු පැමිණිල්ලක් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය  තුළ නොමැති බව අනාවරණය වන්නේ 2023. 08. 17 ය. එවිට නව ලේකම්වරයෙක් පත්ව සිටියේය. නමුත් ඔහුද ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති සමඟ සමීප ඇසුරක් ඇති අයෙකු බව මෙන්ම ඔහු සමඟ එක්ව එකී නොකී බොහෝ දේ සාක්ෂි සහිතව අප වෙත ලැබී තිබේ. ඉන් කොටසක් අප මීට පෙර ලිපියකින් පල කර තිබේ. කෙසේ නමුත් පැමිණිල්ලක් ලැබුණු විට එය විභාග කිරීමට අවශ්‍ය නීතිමය රාමුව ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඔවුන් රාජ්‍ය සේවයට නොහොත් මහජන සේවයට සුදුස්සෝ නොවේ.

    2023.08.17 දින සබරගමුව නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබුණේ සතියක් ඇතුළත විදුහල්පතිවරයා පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙසත් , එම සතිය ඇතුළත ඔහුගේ වැඩ තහනම් කරන ලෙස හෝ ස්ථාන මාරු කර හරින ලෙසත් ය. නමුත් පළාත් අධ්‍යාපන ලේකම්ට එය කර ගැනීමට කොන්දක් නැති බව හෝ ආණ්ඩුකාරවරයාගේ නියෝගය යට ගැසීමට ඔහු කටයුතු කර තිබෙන බව පෙනෙන්නේ සතියක් නොව සති තුනක් ගත වීත් විදුහල්පතිවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බැවිනි. ඒ අනුව ආණ්ඩුකාරවරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට වඩා විදුහල්පතිට බිය බව ඉන් පැහැදිලි වේ. එයින් කියවෙන්නේ මෙම විදුහල්පති සමඟ දුෂිත ක්‍රියාවන් වල මෙම ලේකම්වරයාද නිරතව සිටි බවයි.

    ආණ්ඩුකාරවරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට කොන්දක් ලේකම්වරයාට නොමැති නමුත් විදුහල්පතිවරයා අලුතින් පොත් පත් සකසමින් ඔහුට එරෙහිව එන පරීක්ෂණයකට මුහුණ දිය හැකි ලෙස කටයුතු කරන බව විද්‍යාලයේ සිටින ගුරුවරු ගණනාවක් අප වෙත දන්වා ඇත. ඔහු සමඟ ඔහුගෙන් කොන්ත්‍රාත් ගෙන විවිධ දුෂණවල නිරත වූ බව කියවෙන කිහිපදෙනෙකුද සිටින බවට ඡායාරෑප සහ වීඩියෝ අප වෙත ලැබී තිබේ. ඒ අනුව පළාත් අධ්‍යාපන බලධාරීන් ද මෙම විදුහල්පතිවරයා සමඟ දැඩි දූෂිත ගනුදෙනුවක යෙදී සිටින බව නැවත පැහැදිලි වන අතර අප මීට පෙරම  එය වාර්තා කර තිබේ. ඒ අනුව පෙනී යන්නේ ඔහුට එරෙහිව යම් පරීක්ෂණයක් සිදුවන්නේ නම් ඉන් පළාත් ලේකම්වරයා සහ අධ්‍යාපන ලේකම්වරයා පමණක් ස්වයං වින්දනයක් ලබමින් විදුහල්පතිට සුජාතභාවය සහිත නව උප්පැන්නයක් ලබා දීමට සියල්ලම සැකසී තිබෙන බවයි.

    ඒ අතර ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කරමින් ඔහුව මාරු කර හැරීමට පසුගියදා රැස්වූ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කරන ලදී. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට එරෙහිව සබරගමුව පළාත් බලධාරීන් සිදු කරන්නා වූ පරීක්ෂණයකින් මහජන යුක්තිය ඉටු වනු ඇති බවට බලාපොරොත්තු තබාගෙන සිටින්නේ නම්, අදාළ පැමිණිල්ල කළ ගුරුවරුන්ට සහ දෙමාපියන්ට එය තාවකාලිකව ලබන්නා වූ ස්වයං වින්දනයක් පමණක් වනු ඇත. එසේ වුවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තවමත් එම තනතුරේ රැඳී සිටින්නේ කාර්යාලය තුළ සිටින සේවකයන්ටද බැන වදිමින් බවට අපට තොරතුරු ලැබී තිබේ. පළාත් ලේකම්වරයාද ඔහුට එරෙහිව කිසිවක් නොකරන බව මෙන්ම සිදුකරනු ලබන පරික්ෂණයන් වෙනුවෙන් පත්කරන්නේද ඔවුන්ගේම චක් ගෝලයන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇඹිලිපිටිය පාසල් වෙත යම් දේශනයක් සඳහා පැමිණි පළාතේ තවත් අධ්‍යකෂවරයෙකුට ද ප්‍රසිද්ධියේම මුදල් ලබා දී තිබුනේ මීට මාසයකට පමණ පෙරය. ඒ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති විසිනි.

    පසුගිය මාස තුනක් ඇතුළත සබරගමුවේ පාසල් තුනක විවිධ දූෂිත වාර්තා අප ඉදිරිපත් කළේ සාක්ෂි සහිතවය. අධ්‍යාපන බලධාරීන්ගේ දූෂණයන් නිසා පීඩිත මහජනතාව සහ දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට මාධ්‍යවේදීන්ට සිදු වීම කනගාටුවට කරුණක් ලෙස දූෂිත ප්‍රජාවන් නොදනී. එය ඔවුන්ගේ ජයග්‍රහණයකි. හටංගල විද්‍යාලය , අම්බැවිල ප්‍රාථමික විද්‍යාලය , මෙන්ම ඇඹිලිපිටිය මහා විද්‍යාලය මෙම පාසල් තුනයි. බලධාරීන්ගේ නිහඬතාවය සහ ඔවුනොවුන් අතර තිබෙන දූෂිත මාෆියාවේ ප්‍රතිඵලයක් ලෙස පීඩිත පංතියට නිවටයන් සේ සිටීමට සිදුව තිබේ. නමුත් මහජනතාව ඉදිරියේ ඔවුන්ගේ කළු කෝට් ගැලවී තිබේ. විලි ලැජ්ජාවක් නැතිකමේ මහත කෙතරම්ද යත් තමන්ට වැටුප් ගෙවනුයේ මහජනතාව බවත්, කුමන තරාතිරමක වුවත් පවතින නීතියට අනුව තමන් කටයුතු කිරීමෙන් තමන් මහජනතාවගේ බදු මුදලට ණය නොමැති නිලධාරියෙක් බවවත් නොතේරේ. එසේම තමන්ගේ හිතවතුන් බේරාගැනීම වෙනුවෙන් නීතිපොතට පයින් ගසන මෙවන් රාජ්‍ය නිලධාරීන් රට තුළ සිටිනා තාක් කල් රටට යහපතක් සිදු නොවේ. මෙවැනි නිලධාරීන්ට එරෙහිව නඩු පැවරිය හැකි වෙනමම නීති ආයතනයක් ස්ථාපනය කළ යුතු කාලය පැමිණ තිබේ.

    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට කොන්දක් නැති දූෂිත අධ්‍යාපන පරිපාලනය හෝ පරිපාලන නිලධාරීන් සබරගමුවේ දරුවන්ගේ අනාගතයට සාපයක් බව පවසන්නේ ප්‍රදේශයේ මහජනතාවය. ඔවුන්ගේ ක්‍රියාකලාපයන් සිදුවන්නේ දූෂණය මත පදනම්වය. මෙම දුෂිත නිලධාරීන් ඔවුන්ගේ බේරීම වෙනුවෙන් මහජනතාව අතර ගැටුම් ඇතිකරවයි. එහිදී ප්‍රබලව නැගී සිටින්නේ දුෂිතයන්‍ වේ. ඔවුන්ට බියවන අහිංසක මිනිසුන්ටද තම මුනිවත රකිමින් දුෂිතයන් සමඟ සිටගැනීමට සිදුව තිබේ. එවන් දූෂිත පරිපාලන නිලධාරීන් සමඟ එක්සත් ජාතික පක්ෂයට සබරගමුව තුළ රත්නපුරය තුළ මන්ත්‍රීවරුන් දිනවීම සිහිනයක්ම වනු ඇත. ඔවුන් එදත් අදත් සිදු කළේ මහජනතාව අතර ගැටුම් ඇති කරවීමයි. ඔවුන්ට පක්ෂපාතී දූෂිත පංතියේ ඉතා කුඩා පිරිස් දූෂිත ප්‍රජාව දූෂිත නොමැති ප්‍රජාව පීඩාවට ලක් කරමින් විවිධ උපක්‍රම භාවිත කරමින් පවතින රජයක් සහ දේශපාලන නායකයන් එපා කරවීම සිදු කරති. අප වාර්තා කළ පාසල් තුනේම තත්ත්වය එසේමය. අපට තොරතුරු නොලැබෙන පාසල් ද ඕනෑතරම් තිබේ.

    එවන් වටපිටාවක් සහිත රට තුළ පහළ සිටින නිලධාරීන්ට එරෙහිව කටයුතු නොකරන නිලධාරීන් විනාශ කරනුයේ මහජන මුදල් ය. ඔවුන් රටට සහ රටේ පැවැත්මට හානි කරන්නෝය. එබැවින් ඔවුන්ට එරෙහිව ද කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන ස්ථීර පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට කාලය පැමිණ තිබේ. එසේ නොමැති නම් නීතීඥ සහය නොලබා තම දුක ප්‍රකාශ කළ හැකි විශේෂ මානුෂවාදී අධීක්ෂණයක් පිහිටුවිය යුතුය. එවිට මෙවැනි දූෂිත නිලධාරීන්ට අවශ්‍ය දඬුවම් ලැබෙනු ඇත. දේශපාලනය තමන්ට පුද්ගලිකව තිබෙන අයිතිවාසිකමක් විනා තම තනතුර ඒ වෙනුවනේ භාවිතා කිරීමට කිසිම රාජ්‍ය නිලධාරියෙකුට අයිතියක් නොමැත.

    පෙර වාර්තා

    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පරිපාලනයේ ගැටළු . අධ්‍යාපන බලධාරීන් ආදී ශිෂ්‍ය සංගමය වටේ යවයි!
    ඇඹිලිපිටිය විදුහල්පතිට මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා – ඔහු සුරකින අධ්‍යාපන බලධාරීන් රාජ්‍ය ත්‍රස්තවාදයක.
    ඇඹිලිපිටියේ විදුහල්පතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා පැමිණිල්ලක්.

    “ඇඟ තිබුණට මොලේ නැති OIC කෙනෙක්” පුවතට ඇඹිලිපිටිය SSP ක්ෂණිකව ක්‍රියාත්මක වෙයි. පළාත් අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා සහිත පැමිණිල්ලක්!
    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    Select කාණ්ඩය
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
      • දුම්රියක් පීලි පනී.
      • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
      • පුවක් අපනයන බෝගයක් කරයි.
      • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
      • හෙටත් මුළු රටම රත් වෙයි.
      • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
      • ලංගම බස් රථයක් පෙරළෙයි.
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery
      Call us: +94710866060

      © 2021 රාවණා ලංකා.

      • EnglishEnglish
      No Result
      View All Result
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
        • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
        • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
        • නිති අධ්‍යාපනය
        • උසස් පෙළ
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery

      © 2021 රාවණා ලංකා.

      Login to your account below

      Forgotten Password?

      Fill the forms bellow to register

      *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
      All fields are required. Log In

      Retrieve your password

      Please enter your username or email address to reset your password.

      Log In
      This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
      Go to mobile version