පවතින කීරි සම්බා හිඟය සමනය කිරීමට කිසියම් විකල්පයක් යෙදිය යුතු බවට සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ එම සංගමයේ සභාපතිවරයා ,
“මේ දිනවල වෙළෙඳපොළේ කීරි සම්බාවල දැඩි හිඟයක් තියෙනවා. මේ වනවිට සාමාන්‍ය වෙළඳසල්වල සහ සුපිරි වෙළඳසල්වල කීරි සම්බා අලෙවිය නතර කරලා තියෙනවා. මරඳගහමුල සහල් වෙළෙඳපොළෙත් කීරි සම්බා ලොකු හිඟයක් තියෙනවා. පාලන මිල අබිබවා රුපියල් 250, 300 මිල ගණන්වලට තමයි අද කීරි සම්බා අලෙවි වෙන්නේ. අපි මේ වන විට වෙළෙඳ ඇමැති දැනුවත් කරලා තියෙන්නේ. මේ වන විට හෝටල් හිමියන්, දැඩි අර්බුදයකට පත් වෙලා තියෙනවා. අද දානයකටවත් කීරි සම්බා සොයා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් වෙළෙඳ ඇමැතිවරයා ඍජු තීරණයක් ගනු ඇතැයි විශ්වාස කරනවා.
ඉදිරි දිනවලදී හාල් මිල තව රුපියල් 10 කින් විතර මිල ඉහළ යාමක් සිදුවෙයි. නමුත් කීරි සම්බා මිල පාලනය කරන්න බැරි වුණොත් ඒ සඳහා විකල්පයක් ගෙන ආ යුතු වෙනවා.”