සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය පිළිබඳව සහ ඇයට පාර්ලිමේන්තුවේ ආසනයක් දැරීමට ඇති සුදුසුකම කුමක් ද යන්න ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ ඕෂල හේරත් විසින් ගොනු කර තිබූ මෝසම් පත්‍ර දෙකම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මෝසම් පත්‍ර දෙක විභාග වී තිබේ.