බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු 71 කට අදාළව නිලධාරීන් 1,617 කගේ පුරප්පාඩු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන බව වාර්තා වේ.
මෙම පුරප්පාඩු අතරේ හකාර බන්ධනාගාර අධිකාරි ( පිරිමි ) තනතුර සඳහා පුරප්පාඩු 31 ක් , කළමණාකාර සේවා නිලධාරීන් සඳහා පුරප්පාඩු 33 ක් , හෙද නිලධාරීන් සඳහා පුරප්පාඩු 40 ක් , ජෙලර් ( පිරිමි ) සදහා පුරප්පාඩු 75 ක් , සැරයන්වරු 288 ක් සහ බන්ධනාගාර නියාමකවරු 648 ක් සඳහා පුරප්පාඩු පවතින බව සඳහන් වේ.
නමුත් තනතුරු 05 කට අදාළව අතිරික්ත නිලධාරීන් 13 දෙනෙකු සිටින බව විගණන වාර්තා මඟින් අනාවරණය වී තිබේ.