මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සංකල්පයකට අනුව පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න විසදීම සඳහා සෑම මසකම පොලිස් දිනයක් පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව එහි පළමු වැඩසටහන දෙසැම්බර් 22 වන දා බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ ඇති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු විවිධ අංශ ප්‍රධානීන් සහභාගිවීමට නියමිතය.
සංස්කාරක සටහන.
පොලිස් නිලදාරීන්ට තිබෙන ප්‍රධානම ගැටළු විසදීමට ගත් උත්සාහය අප අගය කරන්නෙමු. විශේෂයෙන්ම පොලිස් සේවය නින්දාවට සහ අපහාසයට ලක්ව තිබෙන්නේ රාජකාරිය සතුටින් සහ නීත්‍යානුකූල ලෙස කිරීමට ඉඩ නොලැබීමෙනි. එසේම සුදුස්සාට සුදුසු දේ නොලැබීම, දේශපාලන අතකොලු ලෙස සමහර නිලධාරීන් ක්‍රියාත්මක වීම , සහ එසේ ක්‍රියාත්මක නොවීමෙන් තමනට රැකියාව කර ගැනීමට නොහැකි වීම, නඩු වලට පැටලීම ආදියද තිබේ. එසේම සෘජුවම උප පොලිස් සේවයට එක් වී අවුරුදු 30 කට ආසන්න වන විටත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුන් ලෙසවත් පත් නොවුණු නිලධාරීන් සිටිය හැකිය. අවුරුදු 30 ක සේවය සම්පූර්ණ කලද ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුන් ලෙස සිටින්නේ නම් අවුරුදු 30 ක් වන විටත් ලබාගෙන ඇත්තේ උසස්වීම් දෙකකි. ඒවාට හේතු සොයා සුදුසු පුද්ගලයන් සුදුසු ස්ථානවලට පත් කර, පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලන බලපෑම් නැති ආයතනයක් බවට කරන්නේ නම් මහජන මිත්‍රශීලී පොලිසියක් නිර්මානය කර ගත හැකිය. අනාගතයේ බිහි වීමට තිබෙන ප්‍රශ්න දෙස අවධානය යොමු කර මෙවැනි තීරණයක් ගැනීම විශිෂ්ඨ ගමනක ඇරඹුමක් විය හැකිය.