හිටපු ගුවන්හමුදාපතිගේ නීතිවිරෝධී පලිගැනීමට ලක් වූ හිටපු ගුවන් හමුදා ප්‍රබල නිලධාරියෙකු වන එයාර් වයිස් මාෂල් තුයියකෝන්ත හට යුක්තිය ඉටු කර දීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිය කැමැත්ත පළකර තිබේ.
ජාතික ජනබලවේගයේ දේශපාලන රැස්වීම් කිහිපයකට සහභාගි වූයේ යැයි චෝදනා කරමින් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තට අහිමි කළ තනතුරට අදාළ වරප්‍රසාද නැවත ලබාදීම සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා බව නීතිපතිවරයා ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එම පෙත්සම ලබන මස 6 වැනිදා කැඳවීමට විනිසුරු මඩුල්ල දින නියම කළේය.
විනිසුරු මඩුල්ල එදිනට පෙර පෙත්සම්කරුගේ වරප්‍රසාද සම්බන්ධයෙන් පෙත්සම්කරුට හා ඔහුගේ නීතිඥවරයාට ලිඛිතව දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.
නීතිඥ සුනිල් වටගල සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්.විජේබණ්ඩාර පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ අනුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයයෙන් පසුව හෝ දැන් වුවත් හිටපු ගුවන්හමුදාපතිට එරෙහිව සිවිල් නඩුවක් පවරා අලාභය අයකර ගැනීමට තුයියකෝන්ත මහතා හට නීතිමය ප්‍රතිපාදන තිබේ .
එසේම මුල සිටම නිසි නීතිමය ක්‍රම ඔස්සේ කටයුතු කළේ නම් හිටපු ගුවන් හමුදාපතිවරයාට එරෙහිව අපරාධ නඩුවක් පැවරීමට ද අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුළ තිබේ.
තවද අපරාධ නීතිය යටතේ නඩු පැවරීම සඳහා අවශ්‍ය ඉඩකඩ තවමත් තිබේ. යම් පුද්ගලයෙකුට එරෙහිව අපරාධ නඩුවක් පැවරීම සඳහා අවුරුදු 20 ක කාලයක් දක්වා ඉඩකඩ ලබා දී තිබේ. ඉන් ඔබ්බට වුවත් පැවරීමේ නොහැකියාවක් නැති වුවත් සාක්ෂි තිබේ නම් කාලය බාධාවක් නොවන බවද යම් යම් නීතිවේදීන්ගේ ලියවිලි පෙන්වා දී තිබේ.
එසේම අධිකරණයක පවතින නඩුවක් තවත් අධිකරණයක නඩුවක් පැවරීමට බාධාවක් නොවේ. ඒ අනුව අපරාධ නීතිය යටතේ නඩුවක් පැවරීමටත් , අලාභය ඉල්ලා නඩුවක් පැවරීමටත් නීතිමය ප්‍රතිපාදන ඉඩ සලසා තිබේ . එසේ නඩු පවරන්නේ නම් හිටපු ගුවන්හමුදාපතිවරයාට පුද්ගලිකව තම නීතිවේදීන් මාර්ගයෙන් අධිකරණයේදී පිළිතුරු දීමට සිදුවේ.