ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන අතර දයාසිරි ජයසේකර මහතා දැරූ පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම සඳහා පත් කරනු ලැබූ සරත් ඒකනායක මහතාට එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණය නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.