ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙඳාම ආරම්භ කිරීමට කටයුතු කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
එමෙන්ම එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි මහතා ජනාධිපති කාර්යාලයේ දී සාගල රත්නායක මහතා මුණ ගැසී ශ්‍රී ලංකාවේ කරන ආයෝජනයන් කිහිපයක් ගැන දැනුම් දී ඇති අතර එහිදී මූලික වශයෙන් නැගෙනහිර ආසියාවේ ඔවුන්ගේ ඉන්ධන අපනයන කටයුතු ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව දන්වා තිබේ.
එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මෙරටට ගෙන්වා ගබඩා කොට ඒවා නැගෙනහිර ආසියානු කලාපයේ රටවල අලෙවි කිරීමට ද නියමියතව තිබේ.