ජල විදුලි නිෂ්පාදනය 20 % ක් දක්වා ඉහළ දැමූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (10) ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව ඔහු පැවසුවේ විදුලිබලාගාර ආශ්රිත ප්‍රදේශවලට සුළු වශයෙන් වර්ෂාව ලැබීමත් සමඟ මෙසේ ජල විදුලි නිෂ්පාදනය ඉහළ දැමූ බවත් , ජල විදුලි නිෂ්පාදනයේ ප්‍රතිශතය දිනෙන් දින වර්ෂාව ලැබෙන ආකාරය අනුව වෙනස් වන බවත් ය.
එමෙන්ම ජලාශවලට සැළකිය යුතු වර්ෂාවක් මෙතෙක් ලැබී නොමැති බවත් , පසුගිය සතියේ සියයට 14 ක්ව පැවැති ජල විදුලි නිෂ්පාදනය ඉහළ දැමීම ඉතාමත් පරිස්සමට කළ යුතු කාර්යක් බවත් ,
ඉදිරි දිනවලදී වර්ෂාව නොලැබුණ හොත් නැවතත් නිෂ්පාදනය පහත දැමීමට සිදුවන බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී .