ඉංගිරිය පොලිස් වසමේ පාදුක්ක දෙස සිට ඉංගිරිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ වම් පස තිබූ සංඥා
කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු ඉංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකරු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 22ක් වන ඉංගිරිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘතශරීරය ඉංගිරිය රෝහලේ තැන්පත් කර ඇති අතර ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.