දිස්ත්රික්ක 3ක ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.
අද (12) සවස් කාලය දක්වා මෙම අනතුරු ඇඟවීම් බල පැවැත්වෙනු ඇති.