මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදා සාමාජිකයින් යොදවා ඇති බව වාර්තා වේ.
අවශ්‍ය නම් අනෙකුත් දුම්රිය ස්ථාන සඳහාද යුද හමුදාව යොදවන බවට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසූ බව වාර්තා වේ.
ඊයේ (12) ඇරඹුණු දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල විවිධ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වී තිබේ.
ඒ හේතුවෙන් දුම්රිය බලාපොරොත්තුවෙන් පැමිණෙන මගීන් දුම්රිය ප්‍රමාද වීමෙන් මුහුණ දෙන මහත් අපහසුකාරී තත්ත්වයන් නිසා මතුවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් සමනය කිරීම සඳහා මෙලෙස යුද හමුදාව යොදවා ඇති බව සඳහන්.