ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක කටහඬ පරීක්ෂණයක් සඳහා අද (13) පෙරවරු 10.00 ට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන බව වාර්තා වේ .
මෙරට පැවති පළමු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් ලබාදී ඔවුන් තරග පාවා දීම සඳහා පොළඹවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක අත්අඩංගුවට ගත් අතර ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කරන ලදී.
එම තරග පාවා දීමේ සිද්ධියට අදාළ හඬපට තම දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවත් , එම හඬපට සචිත්රගේ කටහඬ හා සමාන වන්නේ ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා ඔහු රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියෝග ලබා දෙන ලෙසටත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
ඒ අනුව එම නඩු වාරයේදී අධිකරණය මඟින් නිකුත් කළ නියෝගයකට අනුව සචිත්ර සේනානායකව අද (13) රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.