එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්රපාතයකට පෙරළී එම පිරිස රෝහල්ගත කළ බව වාර්තා වේ.
අනතුරින් ත්රීරෝද රථයේ ගමන් ගත් අවුරුදු එක හමාරක් වයසැති දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ .
නොර්වුඩ් පොලීසිය පවසන්නේ අද (13) බගවන්තලාව , මෝරා වත්තේ සිට හැටන් දක්වා ධාවනය වූ ත්රීරෝද රථය හැටන් , බගවන්තලාව ප්රධාන මාර්ගයේ නොර්වුඩ් , සෙන් ජොන් ටිලරි වත්ත ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදු වන අවස්ථාවේ ත්රීරෝද රථයේ එකම පවුලේ පිරිසක් ගමන් කර ඇති අතර අනතුරින් පියා, මව සහ අවුරුදු එක හමාරක් වයසැති කුඩා දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනතුරින් ත්රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු නෝර්වුඩ් පොලිසිය විසින් සිදු කරනු ලබයි .