යාපනයේ මල්ලාකම් අධිකරණයේ නඩු බඩු ගබඩාවේ තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 50ක් අඩංගු මළු හතරක් අතුරුදන් වී ඇති බවට මල්ලාකම් අධිකරණයේ නඩු බඩු භාරව කටයුතු කරන නිලධාරියා විසින් ඊයේ (12) දින යාපනය තෙලිප්පලෙයි පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට එම නිලධාරියා විසින් සිදුකරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ යාපනයේ කන්කසන්තුරය ප්රදේශයේ දී මෙම කේරළ ගංජා තොගය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් , ඒ සම්බන්ධයෙන් වූ නඩුව මල්ලාකම් අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතින බවත්ය .
එම නිලධාරියා විසින් වැඩිදුරටත් පොලීසියට ප්රකාශ කර ඇත්තේ නඩුවේ ප්රධාන හා එකම සාක්ෂිය වී ඇත්තේ මෙම කේරල ගංජා කිලෝ ග්රෑම් 50ක ප්රමාණය බවයි .