වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වරුණගම කඳු රක්ෂිතයේ ඊයේ (13)පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
එම ගින්න ඊයේ රාත්රී වන තෙක් රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර එම ගින්න නිසා රක්ෂිතයේ අක්කර දහයකට ආසන්න භූමි ප්රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති බව සඳහන්.
ප්රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර ගින්න නිසා රක්ෂිතයේ සිටි වනසතුන් රැසක් සහ තෘණ භූමිද විනාශ වී ඇති බව වාර්තා වේ.
අද අලුයම් කාලය වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය වී තිබූ අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී තිබේ.