කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ කේරල ගංජා පාර්සල් දෙකක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර ඇති බවට කිලිනොච්චිය පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ .
එම පැමිණිල්ල පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත්තේ කිලිනොච්චිය අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසිනි.
පොලීසිය අනාවරණය කරන්නේ නඩු භාණ්ඩ කාමරය බිඳ එය තුළ තිබූ මුද්‍රා තැබූ කේරල ගංජා පාර්සල් දෙකක් මෙලෙස සොරකම් කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් කිලිනොච්චිය පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.