පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයන් හා විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කළ , මේ වන විට තීන්දුව ලබාදී අවසන් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මෝසම් වලට අනුව ඊයේ (15) යළි කැඳවනු ලැබී ය .
එහිදී චැනල් ෆෝ නාලිකාව විසින් නිකුත් කළ වීඩියෝ පටය හරහා පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ මතභේදාත්මක තොරතුරු රැසක් අනාවරණය කර ඇති බැවින් එම ප්‍රහාරයට සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා නැවත සලකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , තමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ .
මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ , මුර්දු ප්‍රනාන්දු , එස්. තුරෙයිරාජා , ඒ.එච්.එම්.ඩී. නවාස් , කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.