වසරකට පෙර සිසුන්ට සිය උපාධිය කරා ගමන් කිරීමට අවස්ථාව සැලසීමට රජයේ අවධානය යොමුවී ඇති බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ විශාඛා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමිනි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,
“දරුවෝ බලාපොරොත්තු වෙන්නේ වෙලාවට විභාගයක්. වෙලාවට ප්‍රතිඵල. වෙලාවට උසස් අධ්‍යාපනයට යා හැකි දොරටු විවෘත වීමක්. ඒ නිසා මේ කාලසටහන අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටිනවා. දරුවන් උපාධිය කරා ගමන් කරන කාලය වසරක් කලින් අඩු කරගන්නට අපි සාකච්ඡා කළා. ඒ අභියෝගය අපි ඉදිරියේදී ජයග්‍රහණය කළ යුතුමයි.”