කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක් වන විමල් වීරවංශ ,වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩල සාමූහික වගකීමක් තුළ ඉන් වියුක්ත මතයක් දැරූ පමණින් ඔවුන්ගේ අමාත්‍ය ධූරයන්ගෙන් ඉවත් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
එමෙන් ම කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සිටියදී සාමූහික වගකීමක් තුළ එහි ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් එහි සිටිය දී එය නොකර ඉන් ඉවත්ව ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් යෝග්‍ය බව ද එහි ජනපති පෙන්වා දී ඇත
ඊයේ (27) මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග ජනාධිපති නිල නිවසේ දී පැවති හමුවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ පිළිබඳ සඳහන් කර ඇත.