ඓතිහාසික ශ්‍රී සංඛපාල රජමහා විහාරස්ථානය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම ඊයේ (15) පෙරවරුවේ සිදු කෙරුණු බව වාර්තා වේ .
ඒ අනුව විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු සතර පෝරුවේ දායක පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම කප් සිටුවීමේ මංගල්‍යය සිදු කෙරුණු අතර පෙරහැර මංගල්‍යය ආරම්භ කිරීමේ කටයුතු මෙම මස 25 වන දිනට යෙදී තිබේ . තිස් පැයේ පිරිත සැප්තැම්බර් මස 25 වනදා ආරම්භ වන අතර පළමු කුඹල් පෙරහැර 27 වන දින වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ .
අවසන් මහා පෙරහැර ඔක්තෝබර් මස පළමුවැනි දින විථි සංචාරය කිරීමට නියමිත අතර ඔක්තෝම්බර් මස තුන්වන දින අලුයම සිදු කරන දේව දානයෙන් අනතුරුව මෙවර පෙරහැර මංගල්‍යය නිමාවට පත් වීමට නියමිතව තිබේ.