ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා ට සහාය පළ කළ දැනට පළා ගොස් සිටින පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
පළා ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබෙන අතර ඔහු විදේශ රටකට පලා ගොස් ඇති බවට වාර්තා පළ වුවද එය මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන් .
මේ සම්බන්ධයෙන් දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන හරක් කටා විසින් මෙම කොස්තාපල්වරයාට අවස්ථා කිහිපයකදීම මුදල් ලබා දී ඇති බවත් , කොස්තාපල්වරයා විසින් ම මෑත කාලයේ දී රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා කුඹුරු ඉඩමක් ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති බවත් , ඔහුගේ දෙමවුපියන්ට සහ පවුලේ ඥාතීන්ට තවත් මුදල් ලබා දී ඇති බවත්ය .