ලංකා විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,418 ක් යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ සේවක සම්මතයන් සහ කාර්යයන් පිළිබඳව කළමනාකාරිත්වය සකස් කළ වාර්තාවෙන්ම එම සංඛ්‍යාව හෙළි වූ බවත් , එම වාර්තාවෙන් විදුලිබල මණ්ඩලයේ වර්තමානයේ සේවක සංඛ්‍යාව, සේවක තුලනය සිදුවී ඇති ආකාරය , විවිධ කාර්යන් වෙනුවෙන් අවශ්‍යතාවයන් , ක්ෂේත්රයේ මිනුම් දර්ශක , අනාගත වර්ධනයන් පිළිබඳව අවබෝධයක් ගැනීමට හැකි වන බවත් , එය ඉදිරි ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වන බවත්ය .