පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කළු ගඟේ අතු ගංගාවන් වන මගුරු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ .
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බවත් , එම ගංගාවල ජල මට්ටම අවධානයෙන් පසු විය යුතු මට්ටමක පවතින බවත් ය.
එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවත් , එහි ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් සහ තලගහගොඩ ප්‍රදේශයෙන් මෙලෙස ඉහළ යමින් පවතින බවත් ය.
එහි ජල මට්ටම ද මේ වනවිට අවධානයෙන් පසු විය යුතු මට්ටමක පවතින බව එම ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .