2013 අගෝස්තු 27 දින ටොරෝන්ටෝහිදී “ඇදහිල්ල, විශ්වාසය සහ සංවර්ධනය” යන මාතෘකාව යටතේ පවත්වන සංසදයේදි මේ පිළිබදව අවධානය යොමුකළ විද්වතුන් පුළුල් පරාසයක ඉදිරිදර්ශන ඉදිරිපත් කළහ.
මෙහිදී ආගම් සහ ආගමික නායකයින් සමහර විට සංවර්ධනයට බාධා කරන බවටද යෝජනා තිබුනි.උදාහරණයක් ලෙස ඔවුන් පෙන්වා තිබුනේ, “සාම්ප්‍රදායික පිළිවෙත්” නාමයෙන් කාන්තාවන්ගේ දියුණුව අවහිර කරන විවිධ කොටස් කිහිපයකි (ඉස්ලාම් වැනි ආගම්)
තවත් අය පෙන්වා දුන්නේ ආගමික පුද්ගලයින් සහ ප්‍රජාවන් සෑම විටම සංවර්ධන කටයුතුවලදී ඉදිරියෙන් හා කේන්ද්‍රගතව සිටින බවයි. පාසල් ගොඩනැගීම හෝ සෞඛ්‍ය සායන වැනි පුණ්‍ය ප්‍රයත්නයන්හිදී හෝ බොහෝ සංවර්ධන වෘත්තිකයන් අන් අයට උපකාර කිරීමට පෙළඹවීමේදී ආගමික න්‍යායන් කේන්ද්‍රීයව තිබෙන බව නොරහසකි.
කෙසේ වෙතත් මෙහිදී එක් දෙයක් එකඟ විය. එනම් ඕනෑම සංවර්ධන වැඩසටහනකට හෝ ක්‍රියාවලියකට ආගමේ කාර්යභාරය සාධක කළ යුතු බවයි. ප්‍රධාන දේශනය පැවැත්වූ පෝර්ට්ස්මූත් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටැම්සින් බ්‍රැඩ්ලි පැවසුවේ “සංවර්ධනය තුළ ආගම ප්‍රධාන ධාරාවට යා යුතුය. ඉන් අදහස් කෙරෙනුයේ සංවර්ධනයේදී ආගමට හානි නොවිය යුතු බවයි.
“බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල දේශීය ජනයාට ආගම වැදගත් වන්නේ එය ඔවුන් ලෝකය දකින සහ සම්බන්ධ වන කාචයක් සාදමින් අනන්‍යතාවය සහ අයිතිවාසිකම පිළිබඳ හැඟීමක් ලබා දෙන බැවිනි. ආගම ජීවත් වීමට සදාචාරාත්මක සංග්‍රහයක් ද සපයන අතර එබැවින් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සහ මානව ක්‍රියාවන් කෙරෙහි බලපෑම් ඇති කරයි, ”ආචාර්ය බ්‍රැඩ්ලි පැවසීය.
මෙම සාධකවලින් සහ වෙනත් අයගෙන්, ආගමේ පොදු සහ පෞද්ගලික ප්‍රකාශනය “සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රයෝජනවත් ප්‍රභවයක් විය හැකි” බව ඇය පැවසුවාය
මෙහිදී අනාවරණය වූ වැදගත්ම සාධකය වන්නේ “ආගම් දිගුකාලීන දෘෂ්ටියක් ගැනීමට නැඹුරු වන අතර, සංවර්ධන වෘත්තිකයන් බොහෝ විට වඩා සීමිත කාල රාමු මත ක්‍රියාත්මක වන බවයි”
“ආගමික න්‍යායට අනුව ජිවත් වන මිනිසුන් සංවර්ධනය වෘත්තියක් ලෙස සලකන අතර, සංවර්ධන පුද්ගලයින් වෘත්තීය නිපුණතාවය අපේක්ෂා කරයි” ලෙසද, “ආගමික ප්‍රජාවන් දන්නවා වැදගත් සෑම දෙයක්ම මේ ලෝකයේ නොවන බව – නමුත් සංවර්ධනය ගැන පමණක් හිතනා මිනිසුන් මේ ලෝකය ගැන පමණක් උනන්දු වෙති.” “ආර්ථික මිනිසා” යනු “තමන්ගේ ආත්මාර්ථකාමීත්වය තාර්කික, ගණනය කළ සහ හිඟ සම්පත් මත තරඟය ස්වයං-උපරිම ආකාරයෙන් ක්‍ෂේත්‍රයක් තුළ ලුහුබඳින” බවද, ..” “ඔවුන්ගේ ඡන්දදායකයින්ගේ අභිවෘද්ධිය සඳහා පමණක් නොව, දූෂණයේ හා බද්ධ කිරීමේ පරීක්ෂාවන්ට ඔරොත්තු දෙන නායකයින් ද අපට සිටිනු ඇත”, ආදී තොරතුරු ගණනාවක් මෙම විද්‍යාඥයන් විසින් සාකච්චා කරන ලදී.
ඒ අනුව සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන මිනිසා ආගමේ න්‍යායන්වලට මුල් තැන ලබා දිය යුතු වුවත් ශ්‍රී ලංකාවේ නම් එසේ නොවන බව දිනෙන් දින පැහැදිලි වේ. ඉන් අපට ලැබුණු ආසන්නතම උදාහරණය වන්නේ නවගමුව(පත්තිනි දේවාලය සහිත) ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරය කේන්ද්‍රකරගෙන මීට දශක පහකට අධික කාලයකට පෙරදි ඇරඹු නවගමුව සිරි සුමනතිස්ස දහම් පාසල එම විහාරස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබීමයි.
නවගමුව විහාරාධිපති හා විද්‍යොදය පරිවේනාධිපතිව වැඩසිටි කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර මහනාහිමියන් ගේ අනුශාසනා පරිදි මෙම දහම් පාසල ආරම්භ කර ඇත. මෙම දහම් පාසලේ ප්‍රාථමික අංශය පවත්වාගෙන යන්නේ ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරස්ථානයේය.
2023.09.10 දින දහම් පාසල් සංවර්ධන කමිටුව රැස්කළ විහාරාධිපති මල්වානේ පඤ්ඤාසාර හිමියන් දහම් පාසල වහාම පන්සලෙන් ඉවත්කිරිමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදි ඇති බව පවසා ඇත. ඒ අනුව මින් ඉදිරියට දහම් පාසල විහාරස්ථානයේ පැවැත්විමට අවසර නොදෙන බවද පවසා ඇත.
පත්තිනි දේවාලයට දිනපතා ජනතාව පැමිණෙන නිසා විහාරස්ථානයේ දහම් පාසල පවත්වාගෙන යෑම නුසුදුසු යැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව උපදෙස් දි ඇතැයි ද විහාරාධිපති හිමියන් මෙහිදි පවසා තිබිණ.
තවත් පිරිසකට විහාරාධිපති හිමියන් පවසා ඇත්තේ විගණන දෙපාර්තමේන්තුව හා මහ භාරකාර දෙපාර්තමේන්තුව දහම් පාසල වසා දමන ලෙස උපදෙස් දුන් බවය.
මේ අන්දමින් විශ්වාස කළ නොහැකි තර්ක ගෙන එමින් විහාරාධිපති හිමියන් අත්තනෝමතික ලෙස දහම් පාසල විහාරස්ථානයෙන් ඉවත් කර තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ නවගමුව පත්තිනි දේවාලය සහිත ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරස්ථානයේ දහම් පාසල වසා දැමීමට එහි විහාරාධිපති යැයි හදුන්වා ගන්නා මල්වානේ පඤ්ඤාසාර හිමියන් උත්සහ කරන බව නවගමුව සුරැකීමේ සංවිධානය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.
හේවාගම අභිනවාරාම විහාරයේද විහාරාධිපතිකම දරණ මෙම හිමියන් මීට පෙර හේවාගම විහාරයේ දහම් පාසලද සම්පුර්ණයෙන්ම වසා දැම්මේ දරුවන්ට කිසිදු අනුකම්පාවකින් තොරවය. තම ශිෂ්‍යයකු දහම් පාසලේ ගුරුවරියක් හා සම්බන්ධ තොරතුරු හෙළිකළ ගම්වැසියන්ගෙන් පලිගැනීම සදහා එම දහම් පාසල විහාරාධිපති විසින් වසා දැමු බව ද ආරංචි මාර්ග පවසයි. අප මිට පෙර මේ පිළිබදව හෙලිකල නමුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න තවමත් වාර්තා වන්නේ නැත .
පසුගිය 17 වැනි ඉරිදා දහම් පාසලට දරුවන් පැමිණිවිට දක්නට ලැබි ඇත්තේ දහම්පාසල පවත්වන ගොඩනැගිල්ල ඉබි යතුරු දමා වසා දමා ඇති බවය. පසුව විහාරස්ථානයේ වෙනත් හිමිනමක් හා දහම්පාසලේ දරුවන්ගේ මව්පියන් මෙන්ම ප්‍රදේශවාසින් පැමිණ එම ගොඩනැගිල්ල විවෘත කරවා දහම් පාසල පවත්වාගෙන යෑමට බඩ සලසා දි ඇත.ඒ වනවිටත් දහම්පාසලේ දරුවන්ගේ මව්පියන්ගේ වියදමින් සකසා තිබු ඩෙස් බංකු ටිකද පසෙකට විසිකර දමා තිබි ඇත.
තමන් වසා දැමු දහම් පාසල නැවත ඇරඹිමට මුල්වු විහාරයේ හිමිනමකට හා ප්‍රදේශවාසින්ට එරෙහිව නවගමුව පොලිසියට විහාරාධිපති යැයි හදුන්වා ගන්නා මල්වානේ පඤ්ඤාසාර හිමියන් විසින් පැමිණිල්ලක් කර තිබිණ. ඊට අමතරව ඉහළ පෙළේ පොලිස් නිලධාරියකු ලවා නවගමුව පොලීසියට බලපෑම් කර තිබුණේ නැවත දහම් පාසල විවෘත කළ ප්‍රදේශවාසින්ට එරෙහිව උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.
ඒ අනුව ප්‍රදේශවාසින් 19 වැනි අගහරුවාදා නවගමුව පොලීසියට කැඳවා කටඋත්තර ලබාගෙන ඇත.
දහම් පාසල් තව තව විවෘත කළ යුතු කාලයක වසා දැමු දහම්පාසලක් නැවත විවෘත කළ ප්‍රාදේශවාසින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට උත්සහ කිරිම ජුගුප්සාජනක ක්‍රියාවකි.
මේ අතර පැමිණිල්ල දැමු විහාරාධිපති යැයි හදුන්වාගන්නා හිමිනම පොලීසියට කැඳවා නොතිබිණ. ඊට හේතුව ලෙස පොලීසිය පවසන්නේ උන් වහන්සේ මහනායක හිමිනමක් බැවින් මහනායක බලතල අනුව පොලීසියකට කැඳවිය නොහැකි බවය.
මේ රටේ නීතිය ඇත්තේ කාටත් ඉහළිනි. මහනායක යැයි කීවත් සිවිල් නීතිය ඒ හිමිනමටද එකසේ බලපාන්නේය. මේ හිමියන් සිටින්නේ මල්වතු මහනායක හිමියන්ටත් ඉහළින්දැයි අපට ප්‍රශ්නයක් තිබේ. මහනායක පදවියක් දරන්නා පොලීසියට උසාවියකට කැඳවිය නොහැකියැයි නීතියේ හෝ චක්‍රලේඛකයක සඳහන් වන්නේ දැයි අපි පොලීසියෙන් ප්‍රශ්න කර සිටිමු. මහානායකලා නොව ඔවුන් ශ්‍රමණ වේසයෙන් පැමිණ බුදු දහමත් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් වනසන්නෝ බව අප දිගින් දිගටම පෙන්වා දී තිබේ. බුදු දහම තුල මහා නායකලා හෝ සංඝ නායකලා නැත. ඒ අනුව මෙරට මල් වතු, අස්ගිරි විහාරවල පවා සැබෑ බෞද්ධ හිමිවරු සිටින්නේද යන්න වෙනමම සෙවිය යුතුවන්නේ මේ සියල්ලෙන්ම සිදුවන්නේ වටිනා දහමක් ලෝකයාට අහිමි වන බැවිනි.
තවත් කාරණයක් වන්නේ නවගමුව විහාරයේ විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් මේවනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් විභාග වෙමින් තිබියදි විහාරාධිපති යැයි හදුන්වා ගන්නා මල්වානේ පඤ්ඤාසාර හිමියන්ට මේ අන්දමින් ක්‍රියාකිරිමට අයිතියක් ඇද්ද යන්නය. සංඝ නායකලා පොලීසියට ගෙන හැකි බලයක් පොලීසියට නොමැති නම් මෙරට අධිකරණ තුල නඩු පැවරීමටද හැකි නීතියක්ද තිබිය නොහැක.
මිනිසුන්ගේ මනස යම්තාක් දුරට වෙනස් කල හැක්කේ පවතින නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් පමණි. එය යථාර්තවාදී විය යුතුය. නිලධාරීන් වැරදි කරද්දී, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රටක් ගොඩ නැගිය නොහැකි බව අප වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දෙන්නෙමු. එසේම බෞද්ධ නාමයෙන් සිටිනා මහනායකලා මෙන්ම දේවාල වල භාර කරුවන් වන නිලමේවරුන්ගේ ද වැරදි වලට නිසි දඩුවම් ලබා නොදෙනා තාක් කල් රටේ ආගමික සන්ධර්භය ගොඩ නොනැගෙන බවද අප පෙන්වා දෙන්නෙමු.