සමාජ මාධ්‍ය පාලනය වෙනුවෙන් ගෙනවිත් තිබෙන නව පනත මහජනතාවගේ භාෂණයේ සහ ප්රකාශනයේ අයිතිය උල්ලංඝනය කරන පනතක් බවත්, එම පනත හරහා ශ්‍රී ලාංකීය ජනතාව ලෝකයෙන් හුදෙකලා කරන බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන කරුණාරත්න පරණවිතාන මහතා පෙන්වා දෙයි.
සමාජ මාධ්‍ය අවකාශයේ අපමණ වැරදි සිදුවේ. එම වැරදි නිවැරදි කරගැනීමට ප්රශස්ත ක්‍රමයක් නොවීම ගෝලීය මට්ටමේ ප්රශ්නයකි. එහෙත් මේ අවශ්‍යතාව දඩමීමා කරගනිමින් මර්දනීය නීති පැනවීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද ඒ මහතා සදහන් කරයි.
ඒ අනුව, වර්තමාන රජය යෝජනා කර තිබෙන ‘සමාජ මාධ්‍ය නියාමන පනත’ (මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත) අත්තනෝමතිකව සැකසූ,,මහජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කරන,
ප්රජාතන්ත්ර විරෝධී,
මර්දනීය පනතකි.
එසේම ලෝකයෙන් අපව හුදකලා කරවන පසුගාමී ගොබ්බ පනතක් බවත්, මෙය පරාජය කිරීම වෙනුවෙන් කටයුතු කරන ලෙස ප්රජාතන්ත්රවාදය අගයන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩි දුරටත් ඉල්ලා සිටී.