පාන් ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සදහන් කළේ විවිධ බදු වර්ග සහ ඩොලරයේ අගය හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම සිදුවී ඇති බවයි.
එමෙන්ම තම සංගමයේ එකම බලාපොරොත්තුව පාන් ගෙඩියක මිල රුපියල් 100 හෝ ඊට අඩුවෙන් පවත්වාගෙන යාම බවත් , ඉදිරියේදී රජය සමග සාකච්ඡා කර ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 100ක පමණ මුදලකට ලබාදීමට කටයුතු කරන බවත් , රජය මැදිහත් වන්නේ නම් අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 100ක මුදලකට ලබාදීමට සහ බනිස් ගෙඩියක මිල රුපියල් 10ක් හෝ 15ක් වැනි මුදලක් අඩු කිරීමට හැකියාව පවතින බවත් ය.