එෛතිහාසික මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රංදෝලි පෙරහැර ඊයේ වීථි සංචාරය කරන ලදී.
සමාජ මාධ්‍ය ජාලා විශාල ප්‍රමාණයක් හරහා එය රටට දැක බලා ගැනීමට හැකි විය.
මහනුවර UnCut නිව්ස් ආයතනයේ මුහුණු පොතෙන් රැගෙන අපද එය අපගේ නාලිකාවල ප්‍රචාරය කරන ලදී.
ඊයේ පැවැති පෙරහැර ඉතාම චාම් ලෙස නමුත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.පළමු පෙරහැර මහියංගණය රාජමහා විහාරයේ පෙරහැරත් දෙවෙනි පෙරහැර ශ්‍රී සුමන සමන් දේවාලයේ පෙරහැරත් ලෙස පැවැති බව අපට මනාව දර්ශනය විය.
ඒ අනුව මහියංගණය රාජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මහියංගණය ශ්‍රී සුමන සමන් දේවාලයේ පෙරහැර පැවැත්වූයේ එහි බස්නායක නිළමේ වන ගයාන් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව අවසන් රංදෝලි පෙරහැර පැවැත්වෙන 29 දිනය දක්වාම අපට අයත් සියලු සමාජ මාධ්‍ය ගිණුම් වල මෙම පෙරහැර සජීවීව විකාශය කරනු ඇත. එසේම පෙරදින මෙන්ම අවසන් රංදෝලි මහා පෙරහැරද www.ravanalankanews.lk වෙබ් අඩවිය හරහා ලබා දීමට අප කටයුතු සංවිධානය කර තිබේ.
මෙම පෙරහැර සජීවීිව ලබා දීම සිදුකරනුයේ එම මාධ්‍ය ආයතනවලට අයත් ලින්ක් ඔස්සේ විනා අප එම පුණ්‍ය භූමිය වෙත නොගොස් වීමද, එහි සිට පෙරහැර විකාශන අයිතිය ලබාගෙන තිබෙන ආයතන ඒ සදහා අවසර ලබා දී තිබීම නිසා ඊයේ දිනයේදී අපගේ වෙබ් අඩවියේ ලක්ෂ 5 කට අධික දෙස් විදෙස් ජනතාවක් මෙම පෙරහැර නරඹා තිබේ.
පෙරදින පෙරහැරේ වීඩියෝව පහතින්,