ලෝක සංචාරක දිනය අදට (27) යෙදී ඇති බව වාර්තා වේ.
මෙවර එහි තේමාව වන්නේ සංචාරක හා හරිත ආයෝජනය යන්නයි.
ලෝක සංචාරක දින ප්‍රධාන උත්සවය සෞදි අරාබියේ රියාද් නගරයේ ෆෝ සීසන්ස් හෝටලයේ අද සහ හෙට පැවැත්වීමට නියමිත බව සදහන්.
මේ අතර මේ වසරේ මේ දක්වා කාලය තුල මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ඊයේ (26) මිලියනය ඉක්මවා ගොස් තිබූ බව සදහන්.
ඒ රුසියානු ජාතික ඇලෙක්ස් මස්කොව් සිය පවුලේ සාමාජිකයින් සමග කටුනායක ගුවන් තොටුපොළින් පැමිණීමත් සමගයි.
2019න් පසු සංචාරකයන්ගේ පැමිණීම මිලියනය ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙය බව සදහන්.