කොවිඩ්වලින් පසුව විභාග පටිපාටිය යථා තත්ත්වයට පත් වී ඇති මේ මොහොතේ උසස් පෙළ කල් දැමීම කිසිසේත් සිදු කළ යුත්තක් නොවන බව අධ්‍යාපන විශේෂඥයින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔවුන් සඳහන් කරන්නේ යම් හෙයකින් උසස් පෙළ විභාගය කල් දැමුවහොත් විභාග ප්‍රශ්නපත්‍ර බැලීම , අපොස සාමාන්‍ය පෙළ පැවැත්වීම ඇතුළු අනෙකුත් විභාග සියල්ලක්ම ගැටලුකාරී තත්ත්වයකට පත් වන බවයි .
ඒ අනුව අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දැනට නියම කර තිබෙන දිනවල නියමිත පරිදි පවත්වන ලෙසට ඔවුන් රජයෙන් ඉල්ලා සිටී.
එමෙන්ම ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙවැනි යහපත් කාල වකවානුවක් තුළදී අපොස උසස් පෙළ විභාගය කල් දැමීමේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවයි.