රුපියල් කෝටි 12 කට වඩා අධික වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් නීති විරෝධීව රැගෙන ආ 5 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
ඩුබායි සිට ගුවන් යානා දෙකකින් සැකකරුවන් දිවයිනට පැමිණ ඇති අතර ඔවුන්ගේ ශරීරයේ සහ ගමන් මලුවල සඟවා තිබියදී කිලෝ ග්‍රෑම් 6 ක් බරැති මෙම ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ .
සැකකරුවන් අතර කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් සිටින බව සඳහන් .