වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා ප්‍රකාශ කරන්නේ මේ වන විට සමාජයේ විවිධ ස්ථානයන්ගෙන් ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තා වන බවයි.
වෛද්‍යවරයා සඳහන් කරන්නේ වැඩි වශයෙන් ඔමික්‍රොන් ප්‍රභේදය මේ වන විට හඳුනාගෙන ඇත්තේ විදේශයන්ගෙන් පැමිණෙන පුද්ගලයින්ගෙන් වන බවත්, සමාජයෙන් ද ඇතැම් අවස්ථාවලදී ආසාදිතයින් සුළු වශයෙන් වාර්තා වන බවත් ය.
කෙසේ නමුත් මෙම වෛරස් ප්‍රභේදය කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සඳහා පැමිණෙන තවත් අභියෝගයක් බව ද ඔහු පෙන්වා දෙයි.
නිසි ලෙස එන්නත්කරණයට යොමුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු කරන මෙන් ද මෙහි දී මහජනතාව දැනුවත් කර ඇත.
අද (03) දිනයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා මේ බව සඳහන් කර ඇත.