ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බවට පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
රේගුවේ අකාර්යක්ෂමතාවය සහ දූෂණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.
මේ වසරේ රේගුවෙන් බලාපොරොත්තු වන ආදායම රුපියල් බිලියන 1217ක් වන නමුත් මේ වන විට ලැබී තිබෙන්නේ බිලියන 655 ක් පමණක් බවද මන්ත්‍රීවරයා පවසයි.
ලංකාව වාහන ආනයනය නතර කර තිබුණත් වෙළෙඳපොළේ අලුත් වාහන තිබෙන බවත් 2020 වසරේ නිෂ්පාදිත බී.එම්.ඩබ්ලිව්,මොන්ටෙරෝ ආදී අලුත් වාහන පවා එලෙස විකුණන්න තිබෙන බව කීය.
තහනම් කළාට පසුවත් මේ වාහන රේගුවෙන් එළියට ඇවිත් ඇතැයි කී මන්ත්‍රීවරයා මේ තත්ත්වය යටතේ රේගුව මොකටදැයි ප්‍රශ්න කර තිබේ.