එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් අගතියට පත් ධීවර පවුල්වලට වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ,පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු ධීවරයින් පිරිසක් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට මැදිහත්වීමට පාර්ශව දෙකකට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) අවසර ලබා දුන් බව වාර්තා වේ.
ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයටයි.
මෙම නඩුව මුර්දු ප්‍රනාන්දු ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගනු ලැබූ බව සදහන්.