බගවන්තලාව ප්රදේශයට ඊයේ (06) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්රධාන අතු ශාඛාවක් වන කොටියාගලඔය පිටාර ගැලීමෙන් එම වතුයායට පිවිසෙන මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති අධික වර්ෂාවත් සමග කොටියාගලඔය පිටාර ගැලූ බවත්,පතිත වූ වර්ෂාව අඩු වීමත් සමග පිටාර ගලා තිබූ ජලය බැස ගිය බවටත් එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් ප්රකාශ කර තිබේ.