හෙට ( 09) වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු කොවිඩ් එන්නත් සහ බූස්ටර් එන්නත් ප්‍රමාණයන් සම්පූර්ණ වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සිය මුහුණු පොත ගිණුමේ ( face book) සටහනක් තබමින් කියා ඇත්තේ මෙරටට ගෙන්වූ අස්ට්රොසේනිකා මොඩර්නා, ස්පුට්නික්, සයිනොෆාර්ම්, සහ ෆයිසර් එන්නත් මුළු සංඛ්‍යාව හාරකෝටි අසුපන්ලක්ෂ හැටදහස් හාරසිය විසිහතරක් බවයි. ඊට අමතරව ඉන් මිලියන 6.8 ක් ලැබී ඇත්තේ ආධාර ලෙසයි.