මේ වන විට පවතින විදුලි අර්බුදය හමුවේ විසඳුම් සෙවීමේ දී ජන ජීවිතය අඩාල නොවන අයුරින් විසඳුම් සොයන ලෙසට ජනපති විසින් විදුලිබල හා බලශක්ති ක්ෂේත්රයේ ප්රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.
අද (10) පෙරවරුවේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්රයේ ප්රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනය කිරීමේ පැනනැගී ඇති ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව මෙහි දී අදාළ නිලධාරීන් පෙන්වා දී ඇත.
එමෙන්ම එහි දී නිලධාරීන් වැඩි දුරටත් ප්රකාශ කර ඇත්තේ ශ්රී ලංකාව සතු ගල් අඟුරු සංචිත විදූලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කර ගැනීමට ප්රමාණවත් බවත් ඉන්ධන භාවිතය තුළින් සිදු කෙරෙන විදුලි උත්පාදන කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බවයි.