විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර ඇති ආකාරයට මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය ලබා දීමේ හැකියාව පවතින බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් අද (10) පැවසූ බව වාර්තා වේ.
ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දෙන දිනයේ සිට එය ක්‍රියාත්මක වන බව කී එම නිලධාරියා මහජන උපයෝගිතා පනත ප්‍රකාරව ජනතාවගේ අදහස් ගැනීමට දින 21 ක කාලයක් ලබා දී ඇති බව ද සඳහන් කරයි.
ජනතාවගෙන් වාචික අදහස් ගැනීම මේ මස 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කී එම නිලධාරියා ඉන් පසුව අනුමැතිය දීම හෝ නොදීම පිළිබඳව තීරණය කළ හැකි බව ද සඳහන් කර තිබේ.