බලන්ගොඩ උග්ගල් අලුත් නුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ අධිකරණයට අපහාසයක් වන ලෙස කටයුතු කර තිබෙන බව වාර්තා වේ. අධිකරණයක පැවතී නඩුවකින්, නඩු තීන්දුවට අනුව ඉවත්කර තිබෙන මොහොඨිඨාලවරයෙකු නැවත තම අභිමතය පරිදි පත් කර තිබෙන බවද අපට ලැබී තිබෙන තොරතුරු වල සදහන් වේ. එසේ පත් කිරීමක් සිදුව තිබෙන්නේ නම් එය අධිකරණයට සිදු කර තිබෙන දැඩි අපහාසයකි.
එසේම එම දේවාලයේ නිල නොලත් මොහොඨිඨාල වරයා විසින් දේවාලයට අයත් ඉඩම් වල පදිංචිව සිටින කාන්තාවන්ට බලපෑම් කරමින් , ඔවුන්ට තමන් සමග ලිංගිකව හැසිරෙන්නේ නම් පමණක් ඔවුන්ගේ ඉඩම්වලට ඇති ප්‍රශ්න විසදා දෙන බවට ප්‍රකාශ කරමින් මිනිසුන්ගේ ජීවිත වලට දැඩි පීඩාවන් ඇති කරන බවද පැවසේ.
පූජා භූමිය තුල නිධන් හැරීම, ජනයාට එරෙහිව බස්නායක නිලමේ සිදු කරන අකටයුතු, වෙල් යායක් විනාශ කිරීම, හොර මැණික් වෙන්දේසි, ආදී බොහෝ අකටයුතුකම් මෙම දේවාලයේ පාලකයන් සිදු කරන බවද සදහන් වේ. එසේම පුරවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ට සහ බෞද්ධ කටයුතු අධ්‍යක්ෂක ජනරාල්ට එම ප්‍රශ්න දැනුම් දුන්නද මේ වන තෙක්ම කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැති බවද සදහන් වේ.
බස්නායක නිලමේ සහ මොහොඨිඨාල විසින් දේවාලයට ඇතුල් වීමට තිබෙන ස්ථානයේ තිබු ඉතා පැරණි සදකඩ පහන යටින් සහ අවටින් හාරා නිධන් ගැනීමට කටයුතු කර තිබේ. එසේම එහි තිබු ඉතා පැරණි මුරගල් දෙකත් ඔවුන් කඩා බිද දමා තිබේ. ඒ සදහා ඇසින් දුටු සාක්ෂි සහ වීඩියෝ සාක්ෂිද තිබෙන නමුත් මේ වන තෙක්ම ඔවුන්ට නඩු පවරා නැති බවද බී/ 701 /2021 යටතේ අධිකරණයට කරුණු දැක්වීම පමණක් සිදු කර තිබෙන බවද බලන්ගොඩ පොලිසිය මගින් අවශ්‍ය නඩු පැවරීම් මේ වන තෙක්ම සිදු කර නැති බවද වාර්තා වේ.
රාවණා සටහන
මේ පිලිබදව දීර්ග විස්තරයක් අප සතුව තිබේ. එම සියල්ලම සැකෙවින් ජනගත කිරීම සහ ඒවාට විරුද්ධව අවශ්‍ය නිසි කටයුතු සිදු වනු ඇත.