ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වූයේ මහජනතාවට නව ව්‍යවස්ථාවක් ලබා දෙන බවට පොරොන්දු වී වුවත් එය සම්පූර්ණ කිරීමට පෙර ඔහුට අසීමිත බලයක් ලැබෙන ලෙස ව්‍යවස්ථාව වෙනස් කරන ලදි.
එම අසීමිත බලය ලබා ගත්තත් මහජන කැළඹීම් සමගම ඔහුට පළා යාමට සිදු විය.එයත් සමගම වියත් මග හරහා පැමිණි ආචාර්ය මහාචාර්යවරුන්ට මෙන්ම රණවිරු සංවිධාන හරහා පැමිණි විශ්‍රාමික හමුදා නායකයන්ටද රට ගොඩනැගීමට නොහැකි බව තහවුරු කරන ලදි.
කෙසේ වුවත් නව ව්‍යවස්ථාවක් සැකසීම ඒ වන විටත් ආරම්භ වී තිබුණි. 2015 න් පසුව පැමිණි යහපාලන ආණ්ඩුව පිළිබඳව ජනතාවට කළකිරී තිබුණි. එම කළකිරීම් ප්රතිපක්ෂ දේශපාලන පක්ෂ විසින් සිදු කරන ලද බව අප තවදුරටත් ගවේෂණය කිරීමේදී දුටු අතර මහජනතාවගේ හිස් ගෙඩි වෙනස් කිරීමට ඔවුන්ගේ වග ප්‍රහාර තියුණු විය.
උදාහරණයක් ලෙස සිංහල බෞද්ධ ජනතාව විශේෂයෙන් යහපාලන ආණ්ඩුවට අකමැති වීමට හේතු ලෙස දක්නට ලැබුණේ පූජනීය ස්ථානවල තිබෙන පිං කැට ආදීය සීල් තැබීම සහ එය හරහා බෞද්ධ දර්ශනයට යම් කිසි හානියක් සිදු කරන බවට ජනගත වීමත් සමගය.
ඒ සමගම දැඩි ආණ්ඩු විරෝධී ක්‍රියාවක් සිදුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස යහපාලන රජය පත් වී වසර තුනක් යාමටත් මත්තෙන් පැවති 2018 මහ මැතිවරණයේදී ප්‍රාදේශීය සභාවල බලය බහුතරයක් ජය්‍රහණය ලබා ගත්තේ විපක්ෂ සංවිධාන විසිනි.
ඉන් අනතුරුව 2019දී පාස්කු ප්‍රහාරයද සිදු විය. එහිදීද ඇගිල්ල දික් වූයේ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජනතාවටයි. කෙසේ නමුත් මේ වන විටත් එහි විවිධ සත්‍ය බව සිතිය හැකි දේවල් අනාවරණය වී අවසන් ය.
මේ සියල්ල මෙසේ සිදුවෙමින් තිබියදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්විය. ඔහු දිවුරුම්දීමට තෝරා ගත්තේ අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයයි. රුවන්වැලි මහසෑයේ දිව්රුම් දුන් අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා උදාන වාක්‍යක් ප්‍රකාශ කරන ලදි.
එහිදී ඔහු ඉතාම අභිමානයෙන් ප්‍රකාශ කළේ “මා මෙරට ජනාධිපතිවරයා බවට පත්වූයේ බහුතරය සිංහල බෞද්ධ ඡන්දවලින්” බවයි.
ඒ ප්‍රකාශයත් සමග එය ජාතිවාදී ප්‍රකාශයක් බවට දිගින් දිගටම රට තුළ කසු කුසුවක් ඇති විය.කෙසේ නමුත් එහිදී ඔහු ඉතා වැදගත් ප්‍රකාශයක් තුළින් සඳහන් කරන්නේ ” රටට ගැළපෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවයි” ඒ අනුව ඔහු ව්‍යවස්ථා දායක කමිටුවක් පනවා රටට ගැළපෙන ව්‍යවස්ථාවක් සකසන ලෙස එම කමිටුවට දන්වන ලදි.
කෙසේ නමුත් මෙම කමිටුවෙන් සිදු කර තිබෙන්නේ එය නොවන බවට මේ වන විටත් අනාවරණය වී තිබේ. එම කමිටුව හොර රහසේ වරින්වර රැස්ව නව පනතක් සකස් කර තිබේ. නමුත් මීට පෙර අවස්ථාවලදී කුමන ආණ්ඩුවක් පැවතියත් නව ව්‍යවස්ථාවක් සැකසීමට පෙර මහජනතාවගේ අදහස් ලබා ගැනීමක් සිදු කෙරිණි. මහජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා ඔවුන් රට පුරා සංචාරය කරන ලදි.නමුත් මෙම නව ආණ්ඩුක්‍රම වය්යවස්ථාව සැකසීම සඳහා එසේ නොකර රහසේ ක්‍රියාත්මක වී සිටී.
මේ වන විට එම ව්‍යවස්ථාව බුද්ධ ශාසන කාර්ය සාධක කමිටුව නැමැති රජයට සම්බන්ධව නොමැති සංවිධානයකින් එළිදක්වන බවට රටට නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ව්‍යවස්ථාව එළිදක්වන බවයි.
ඒ අනුව මෙම සංවිධානයත් එම කමිටුවත් අතර යම් සම්බන්ධතාවයක් තිබෙන බව පැහැදිලිය. එය පිළිබඳව ජාතික සංවිධාන සැක පළ කරයි. මෙම පනත සකසා තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. එහි සිංහල පරිවර්තනයක් එළිදක්වා නැත. ඒ අනුව මෙරට සිංහල හා දමිල ජාතීන් දෙකටම මෙම පනත කියවීමට හැකියාවක් නැත.මෙම පනත කියවීමට හැකියාව ඇත්තේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන පුද්ගලයන්ට සහ විදේශ රාජ්‍යයන්වලට පමණි. මෙම පනත හෙට එළි දැක්වීමට නියමිතය. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය.
උදාහරණයක් ලෙස ගත්කළ මෙම පනත තුළ පළාත් සභා අවශ්‍ය බවටද 13 වන ව්‍යවස්ථාව තුල තියෙන සියලු කරුණු ඒ ආකාරයෙන්ම ඇතුළත් කර තිබෙන බවද ජාතික සංවිධාන ප්‍රකාශ කරයි. නමුත් මෙම කටයුත්ත සැදහා භාවිතාකර තිබෙන ප්‍රධානීන් කිසිවෙක් මෙම පනතේ අන්තර්ගතය කියවා නැත. තවදුරටත් අදහස් ලබා ගැනීමේදී සඳහන් වන්නේ මෙම පනත නිර්මාණය කර තිබෙන්නේ විදේශ රාජ්‍යක අවශ්‍යතාවය අනුව බවයි.
එසේම දැනට බලයේ සිටින දේශපාලන නායකයන් නොමග යවා ඔවුන් හරහා මෙම පනත සම්මත කර ගැනීම සඳහාත් ඔවුන්ට සැක නොහිතෙන, ඔවුන් සතුටු කරන ආකාරයේ වගන්තිද මෙහි ඇතුළත් කර තිබේ.
ඒ අනුව ඔවුන්ගේ බලාපොරොත්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබාගෙන මෙම පනත සම්මත කර ගැනීමයි. ඒ අනුව මෙම ව්‍යවස්ථාව සැකසෙන්නේ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් ලෙස නොව විදේශ රාජ්‍යන් හා රටේ දේශපාලනඥයින් සතුටු කර ගැනීම උදෙසා බවට මේ වන විටත් සංවාදයට තුඩු දී තිබේ.
එසේම මෙම නව ව්‍යවස්ථාව තුල ශ්‍රී ලංකා ජාතික ගීය දමිළ භාෂාවෙන්ද ගායනා කිරීමට ඇතුළත් කර තිබේ.
ඒ අනුව මෙම නව ව්‍යවස්ථාව තුළින් ජාතිවාදී නව සංකල්පයක් ඇති කරන්න ගැටලුකාරී ව්‍යවස්ථාවක් බවද ජාතික සංවිධාන පෙන්වා දෙයි.
එසේම ඉන්දියාවේ ජාතීන් 28කට වඩා සිටිනමුත් ඉන්දියානු ජාතික ගීය භාෂා 28න්ම ප්‍රකාශ නොකරති. විවිධ ජාතීන් විසින් තමන්ට ගැළපෙන ආකාරයෙන් තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම තුලින් සංහිඳියාවට බාධා ඇති වේ. එසේම ජාතික අරමුණක් ඔස්සේ ඉදිරියට යාමට තිබෙන හැකියාවද නොලැඹේ. එය මෙරට සිටින විවිධ බලය තිබෙන පරගැති සංකල්ප දරන පුද්ගලයන් තේරුම් ගෙන නොමැත.
මෙම ව්‍යවස්ථාව එළිදැක්වීමේ කටයුත්තට නායකත්වය දෙන්නේ ත්‍රිකුණාමලය ආනන්ද නා හිමි වන අතර උන් වහන්සේ බුද්ධ ශාසන කාර්ය සාධන කමිටුවේ ලේකම් බව කියවේ.
උන්වහන්සේ ඉන්දියාවේ හිටපු මහ කොමසාරිස් මිලින්ද පින්ටෝ මොරගොඩ ජයවර්ධන මහතාගේ ඉතාම සමීප මිතුරෙකි. මිලින්ද මොරගොඩ මහතාට අයත් ෆාත් ෆයින්ඩර් ආයතනයේ වාර්ෂික සමුළුව මෙහෙයවන්නේද ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි විසිනි.
එසේම මිලින්ද මොරගොඩ මහතාට අයත් ෆාත් ෆයින්ඩර් නැමැති ආයතනය පිළිබඳවද ජාතික සංවිධාන විවිධ සැක මතු කරයි. එසේම මිලින්ද මොරගොඩ මහතා ඉන්දියානු මහ කොමසාරිස් ව සිටි සමයේ ශ්‍රී ලංකාවේ හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් සමග සිදු කළ සමහර සාකච්ඡා සම්බන්ධයෙන් ද ජාතික සංවිධාන සැක පළ කරයි.
එහිදී මෙම සංවිධාන පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් සමග පැවති සමහර සාකච්ඡාවලදී උතුරු නැගෙනහිර තිබෙන පුරාවිද්‍යාත්මක ස්ථාන බෞද්ධ උරුමයන් ලෙස නොව දමිළ සහ හින්දු ජනතාවට අයත් බවට යම් යම් ප්‍රකාශ සිදු කර තිබුණි.
එහිදී ජාතික සංවිධාන පෙන්වා දෙන්නේ සමහර පුද්ගලයන් විවිධ විදේශ සම්බන්ධතා අනුව විවිධ කටයුතු සිදු කරන බවත් එහිදී මෙරට දිගින් දිගටම ජාතිවාදී සංකල්ප ඇති වෙමින් රට අස්ථාවර වීම සිදු වන බවත්ය .
විශේෂයෙන්ම මෙරට සිංහල ,බෞද්ධ ,හින්දු ,දමිළ ,ඉස්ලාම් හෝ මේ සියළු ජන කොටස්වලට විශේෂයෙන්ම ජාතිවාදයක් අවශ්‍ය නැති බව ඉතාම පැහැදිලිය. නමුත් දමිළ දේශපාලඥයන්ට එසේම විවිධ විදේශ රාජ්‍යයන්ට අවශ්‍යය විදිහට කටයුතු කරන සිංහල නායකයන්ට ජාතිවාදය අවශ්‍යව තිබේ.එය ඉතාම පැහැදිලිය.
එසේම පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා සමග පැවති බොහෝ සාකච්ඡා සඳහා සහභාගි වී තිබෙන්නේ මිලින්ද මොරගොඩ මහතාගේ බිරිඳ වන ජෙනිෆර් මොරගොඩ මැතිණියයි. ඒ සම්බන්ධවද ජාතික සංවිධාන විවිධ ප්‍රකාශ නිකුත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලාංකික අහිංසක දෙමළ,මුස්ලිම් සහ සිංහල ජනතාවට නොපෙනෙන ආකාරයෙන් විවිධ බලවේග මෙරට සිටින සිංහල , දමිළ සහ ඉස්ලාම් ජාතීන් යොදාගෙන විවිධ ගැටුම් කෝලාහල ඇති කිරීමට උත්සාහ කරන බව මෙහිදී පැහැදිලි ය.
ඒ අනුව ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි ඇතුළු මෙම කණ්ඩායම රැගෙන ඒමට උත්සාහ කරන මෙම ව්‍යවස්ථාව තුලින්ද සිදුවන්නේ මෙරට ජාතික සංහිඳියාවට දැඩි පහරක් වන අතර අනාගතයේදී නැවත සිංහල ,දමිළ සහ මුස්ලිම් අහිංසක ජනතාව ජාතිවාදී ගැටුමකට මුල පුරන කටයුත්තකට පරිවර්තනය වන කටයුත්තක්ද බවට දක්නට තිබේ.