තායිලන්තයේ රැකියා ලබාදෙන පවසමින් ශ්‍රී ලාංකිකයින් 63 දෙනෙකු විදෙස්ගත කිරීමේ මිනිස් වෙළදාමක නිරතවූ චීන ජාතිකයෙකු අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
තොරතුරු තාක්ෂණ අංශයේ සහ පාරිභෝගික සේවා යන අංශවල රැකියා ලබා දෙන පවසා රුපියල් ලක්ෂ 2 සිට ලක්ෂ 5 දක්වා මුදල් ලබා ගෙන ශ්‍රී ලාංකිකයින් 63 දෙනෙකු මෙම චීන ජාතිකයා විසින් සංචාරක වීසා මත තායිලන්තයට ගෙන ගොස් තිබේ .
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් කාන්තාවන් ලෙස සමාජ මාධ්‍ය ගිණුම් හරහා පෙනී සිටින ලෙස මෙහෙයවා මෙරට ව්‍යාපාරිකයාගෙන් මුදල් ගැනීමේ ජාවාරමක් ද මෙම චීන ජාතිකයා විසින් මෙහෙයවා ඇති බවයි.