මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2,888කදී හෙට (15) පැවැත්වෙන බවට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයන් 337,956ක් පෙනී සිටින අතර, ඉන් 252,534ක් සිංහල මාධ්‍යයෙන් සහ 85,422ක් දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.
පවතින වර්ෂාව හේතුවෙන් විභාග දිනයේදී තම විභාග මධ්‍යස්ථානයට කිසියම් දරුවකුට යෑමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් වහාම 117 දුරකතනය අංකය අමතන ලෙසත්, එහිදී උපකාර කිරීමට ආපදා කළමනාකරණ නිලධාරීන් සූදානමින් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.
වැසි තත්ත්වය නිසා මාතර දිස්ත්‍රික්කයට ආපදා තත්ත්වයක් ඇති වූ අතර මේ වන විට එම ආපදා තත්ත්වය සමනය වී ඇති බවත්, දිස්ත්‍රික් ලේකම්වරයා සහ ආපදා කළමනාකරණ නිලධාරීන් සමඟ සම්බන්ධව විභාගය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබේ.
ගංවතුර තත්ත්වය නිසා කරගොඩ උයන්ගොඩ මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය වෙනුවට නාරංගොඩ විද්‍යාලය යොදාගන්නා බවත්, ගංවතුර තත්ත්වය නිසා වෙනත් කිසිඳු විභාග මධ්‍යස්ථානයක් වෙනස් කිරීමට සිදු නොවූ බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.
කිසියම් ආපදා තත්ත්වයක් හේතුවෙන් අපේක්ෂකයකුට විභාග මධ්‍යස්ථානයට යෑමට නොහැකි වුවහොත් අපේක්ෂකයන් ආසන්නතම මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් අදාළ නිලධාරීන්ට ඒ සඳහා අවසරය ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.