ඔක්තෝබර් මාසයේ සිට විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද උපකල්පනවල වෙනස්වීම් පවතින බැවින් විදුලි ගාස්තු සම්බන්ධයෙන් නවතම දත්ත ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගිතා කොමිෂන් සභාව එම මණ්ඩලයට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.
එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, සැප්තැම්බර් මාසය සඳහා දිනකට ගිගා වොට් පැය 44.70ක විදුලි ඉල්ලුමක් ලැබෙනු ඇති බවට තක්සේරු කළද සැබෑ ලෙසම ඉදිරිපත්ව ඇති ඉල්ලුම ගිගා වොට් පැය 41.01ක් බවයි.
එසේම ගල් අඟුරු කිලෝග්රෑමයක මිල රුපියල් 68.60ක සිට රුපියල් 52.60ක් දක්වා අඩු වී ඇති බවද කොමිසම පෙන්වා දී ඇත.
එබැවින් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවේ උපකල්පනය කරන ලද ඉල්ලුම අවම දත්ත සමඟ සනාථ කළ නොහැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.