ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ වත්මන් බලකාධිපතිවරයා එම බලකායේ ගිණුම් වල මුදල් රිසි සේ භාවිතා කරන බවත්, ඔහුගේ නෑදෑයන් සහ හිතවතුන් සමග කඳවුරුවල සංචාරය කරන බවටත්, ඒ සඳහා යන වියදම් ගෙවන්නේ බලකායට අයත් ගිණුම්වලින් බවටත් වන චෝදනා සහිත තොරතුරු රාශියක් අප වෙත ලැබී තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ පස් වැනි සංඥා බලකායට අයත් පාදුක්ක, මෙනේරිගම ලිපිනයේ ඉදිකර තිබෙන කබානා කිහිපයකින් මෙසේ වංචා සිදුවන බවට මුලිකව චෝදනා එල්ල වේ. මේවා ඉදිකර තිබෙන්නේ යුද හමුදා නිලධාරින්ගෙන් රුපියල් දෙදහස් පන්සිය බැගින් මාස 6ක් වැටුපෙන් අඩු කරගෙන බව කියවේ. ඒ අයුරින් පුරා මාස 6ක් නිලධාරින් 450කගෙන් පමණ මෙසේ වැටුපෙන් මුදල් අඩුකර මෙම සුඛෝපභෝගි කබානා ඉදිකර තිබේ.
සෙබළුන්ගේ සුභසාධනය වෙනුවෙන් කිසිවක් නොබලන මෙම බලකාධිපතිවරයා සතිපතා මොහුගේ ඥාතී හිතවත් සනුහරයම මෙම කබානා එකට රැගෙන එන බවත් ආහාරපාන සහ පැමිණෙන උදවියට තෑගි බෝග ලබා දීමද සිදුකරන්නේ සංඥා බලකායට අයත් ගිණුම්වලින් බවද තොරතුරුවල සඳහන්ය.
තවද පනාගොඩ රෙජිමේන්තුවේ නිලධාරී නිවාසවලටද සතියකට දෙවතාවක්වත් සිවිල් පුද්ගලයන් රැගෙන එන බවද ඔවුන්ට ආහාර පාන වෙනුවෙන් වැයවෙන සියලු වියදම්වලට පියවන්නේ පහල නිලයන්ට බිල් යොදා බවද සදහන් වේ. මහජන මුදල් රිසි සේ වියදම් කරනා ශ්‍රී ලංකා යුද හමුදාවේ දූෂිත නිලධාරින් අතර මොහුද එක් නිලධාරියෙක් වන අතර මෙම දූෂිත පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට කිසිවෙකු නොමැති බවද අපට ලැබෙන තොරතුරු වලට අනුව පෙනී යයි.
ඒ අනුව මෙම මේජර් ජනරාල්වරයා පමණක් නොව ශ්‍රී ලංකා යුදහමුදාවේ ඒකකවලටද අයත් සියලුම ගිණුම් රාජ්‍ය විගණනයක් සදහා යොමුකළ යුතු බව යුද හමුදාවේ සේවය කරන රටට ආදරය කරන නිලධාරින් මෙන්ම භටයන්ද පෙන්වා දේ. ඊට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය අයත් ගිණුම් 21ක් පමණද විගණනය කළ යුතු අභ්‍යන්තර ආරංචි මාර්ග පේනවා දෙයි. එසේ විගණනය කර දුෂිත පුද්ගලයනට දඩුවම් ලබා දිය යුතු බවද රටට හිතැති ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ නමුත් ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ප්‍රධාන ගිණුම් තුනක් කෝප් කමිටුව හමුවට කැඳවීම සදහා අවශ්‍ය ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමට රජයේ ඉහළ පෙලේ දේශපාලඥයන් කිහිප දෙනෙකුම කටයුතුකරමින් සිටී.
කටයුතු එසේ සිදුවෙමින් තිබියදී යුද හමුදාවේ සෑම ස්ථානයකම පාහේ මෙසේ වංචා,දූෂණ අපට වාර්තා වීම මගින් යුද හමුදාවේ අනාගතයට හොද කල දසාවක් උදාවනු ඇත. එසේම අවුරුදු ගනනාවක් තිස්සේ මෙසේ කොපමණ මුදලක් විනාශ වුයේද යන්න උපකල්පනය කිරීමටද නොහැකිය.